05 වසර ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වෙනවා.

මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් 323,879 පෙනී සිටීමට නියමිත අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වීමට නියමිතයි.

උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර, උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය සිසුන් වෙත ලබා දීමටයි කටයුතු සූදානම්කර ඇත්තේ.

ඊයේ පැවති (14) මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ 2024 ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු විභාග මධ්‍යස්ථාන අසල සිදුකිරීමෙන් වලකින ලෙස සියලු පක්ෂවලින් ඉල්ලා සිටින බවයි.

source :- t.ly/QyhFr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here