විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (13) සිය සහතිකය සටහන් කර තිබෙනවා.

මෙලෙස කථානායකවරයා අත්සන් තබා ඇත්තේ පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ පනත් කෙටුම් පත් සඳහා බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරනවා.

විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත, වෙනත් රටවල අධිකරණවල නඩු තීන්දු ශ්‍රී ලංකාව තුළ අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම, විදේශ නඩු තීන්දු බලාත්මක කිරීමේ ආඥාපනත සහ (94 වන අධිකාරය වූ) නඩු තීන්දු අන්‍යෝන්‍යව බලාත්මක කිරීමේ ආඥාපනත ඉවත් කිරීම සඳහා මෙන්ම ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත ලෙස හැදින්වනවා.

එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 50 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත ලෙස හැදින්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කර සිටියා.

source :- https://tinyurl.com/5n76khdk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here