ගල්කිස්ස පොලිස් වසමේ බොරුපන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන අරඹා තිබේ.

ඊයේ (11) පෙරවරුවේ දී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳට හා පුත්‍රයාට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 26ක් වූ බොරුපන, රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

source :- t.ly/3-j-c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here