2023 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණයේ කටයුතු අවසන් අදියරයේ පසුවන බවයි.

මේ අතර, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යෙදී ලබන ඉරිදා උදෑසන 9.30ත් දහවල් 12.15 අතර කාලයේ මැතිවරණ ප්‍රචාරණ රැස්වීම්, පෙළපාලී ආදිය පැවැත්වීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

source :- t.ly/4S1i7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here