කඩුවක් සහිතව සම්බාහන ආයතනයකට ගිය පුද්ගලයන් 6 දෙනෙකු විසින් එහි කාන්තාවන් දෙදෙනෙකු සමූහ දූෂණයට ලක්කොට තිබෙනවා.

ගම්පහ, බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන ආයතනයකින් සිදුවීම වාර්තා වන බවයි යක්කල පොලිසිය පවසන්නේ.

මෙම සම්බාහන ආයතනයේ කාන්තාවන් පස් දෙනෙකු සේවය කර ඇති බවත් සැකකරුවන් ඔවුන් කාමරයක සිරකර ඇතැයිද පොලිසිය පවසනවා.

මේ අතර එම කාන්තාවන් සතු ජංගම දුරකථන, මුදල් ඇතුළු දේපළ කොල්ලකා සම්බාහන ආයතනයේ සිටි කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ බවට පැමිණිල්ල ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

source :- t.ly/8H0pD

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here