
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට පුතුන් දෙදෙනෙකු සිටින බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.
එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ පුටින් හිටපු ඔලිම්පික් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් සමඟ සිය දෙවන විවාහය සිදු කර ඇති බවය.
ඒ අනුව ඔහුගේ පිරිමි දරුවන් 2015 සහ 2019 වසරේ උපත ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මෙම පිරිස ඉතා රහසිගතව සුබෝපභෝගි ජිවතයක් ගත කරන බව එම වාර්තා සඳහන් කරනවා.
රුසියානු ගවේෂණාත්මක පුවත්පත් වෙබ් අඩවියක් විසින් හෙළිදරව් කරන ලද විස්තරවල අනුව එම දරුවන් දෙදෙනාගේ නම් වන්නේ අයිවන් සහ ව්ලැඩිමීර් වශයෙන්.
ගෝලීය වශයෙන් බලවත්ම දේශපාලන නායකයෙකු වුවද, පුටින්ගේ පෞද්ගලික ජීවිතය අභිරහසක් වශයෙන් සඟවා තබා ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ පුටින්ගේ මෙම පිරිමි ළමයින් කිසිවෙක් පාසල් නොයන අතර ඒ වෙනුවට “පුටින්ගේ මාලිගාවල – රුසියානු සාර්වරුන්ගේ රාජකීය දරුවන් මෙන්” පුද්ගලික පන්ති පවත්වන බවය.
පුටින් මීට පෙර මාධ්‍ය වෙත පවසා සිටියේ තමන්ට පලමු විවාහයෙන් දියණියන් දෙදෙනෙකු සිටින බවය.
source :- t.ly/FcXvH








