පසුගිය දිනෙක විවාහ ගිවිස ගත් යුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ එහි තිබෙන සම්ප්‍රදායන් බිඳ දමමින් ඡායාරූප ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බස්නායක නිළමේවරුන්ගේ සංගමයද විරෝධය පළ කරන අතර, ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙවැනි සිද්ධීන් ඉදිරියට සිදු නොවීමට සියලු දෙනා වග බලා ගත යුතු බවයි.

දියවඩන නිලමේවරයා හෝ නොදැන මෙම නව යුවළ දළදා මාළිගාවේ ඉහළ මාලයට පවා පැමිණ ඡායාරූප ගනිමින් සිටියදී එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහ කිරීමේදී වෙනත් පාර්ශවයකින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියටද බාධා කරමින් එය සිදුකරගෙන යාමට ඉඩ ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව, අදාළ යුවළ හා ඡායාරූප ශිල්පීයා පොලිසියට කැදවා ප්‍රකාශයක්ද ලබා ගැනීමට නියමිතයි.

source :- t.ly/d4a2t

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here