පානදුර මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු රළ පහරට හසුව අතුරුදන්ව ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පානදුර, තොටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.

අතුරුදන් වූ තරුණයා මිතුරන් පස්දෙනෙකු සමඟින් පානදුර ළමා උද්‍යානය අසළ දිය නාමින් සිටියදී ඉන් දෙදෙනෙකු රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.

එහිදී පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් එක් තරුණයෙකු බේරා ගැනීමට සමත්ව ඇත.

බේරාගත් තරුණයා ප්‍රථමාධාර ලබාදීමෙන් පසු පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

source :- t.ly/KODxJ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here