විදෙස් රටවල රැකියා සඳහා යන මෙරට තරුණ තරුණියන් ගෙන් බොහෝ දෙනෙක් ඉතාමත් උනන්දුවෙන් යන රටක් බවට මේ වන විට කොරියාව පත්ව තිබෙනවා.

ඊට හේතුව නම් එරටේ රැකියා කරන මෙරට තරුණ තරුණියන්ට ඉහළ වැටුපක් හිමි වීමයි.

මෙවන් තත්ත්වයක් තුළ ලංකාවේ බොහෝ දෙනෙක් දැඩි උනන්දුවෙන් කොරියානු භාෂා විභාගවලට මුහුණ දීම අද වන විට දකින්නට ලැබේ.

ඊට හේතුව නම් ලංකාවේ ආර්ථික තත්ත්වය සහ එරටේ රැකියා සඳහා ඉහල ආකර්ෂණීය වැටුපක් ලැබීමයි.

එවන් තත්ත්වයක් තුළ කොරියානු භාෂා පරීක්ෂණය (9-1 Point System Examination) අදාළ ප්‍රතිඵල අද (09) නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

නිවේදනයක් ද නිකුත් කරමින් ඒ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් දැනුම්දී ඇත.

ඒ අනුව අදාළ ප්‍රතිඵල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියට පිවිස ලබාැනීමට හැකියාව පවතී.

http://www.slbfe.lk/

කෙසේ වෙතත්, එයට අදාල අනෙකුත් පරීක්ෂණය මේ මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත් වීමටද නියමිතව තිබේ.

මීට අදාල නිවේදනය පහතින් දැක්වේ👇

source :- https://tinyurl.com/3vav5y6w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here