වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදුකළ වැටලීම්වලදී මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 15,000කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

ජනවාරි පළමු වනදා සිට ඊයේ (08) දක්වා සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 15,491ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 385කට ආසන්න තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබුණි.

එහි වටිනාකම රුපියල් මිලියන 9,631ක් බව වාර්තා විය.

එමෙන්ම රුපියල් මිලියන 4,860ක වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 511කට ආසන්න තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබුණි.

ඊට අමතරව කේරළ ගංජා, හෂීස්, මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය ද එම කාලය තුළ නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන් ය.

අදාළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම් සම්බන්ධයෙන් පුද්ගලයින් 162 දෙනෙකු සහ  මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කළ බෝට්ටු 11ක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

source :- https://shorturl.at/5cisZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here