බොලිවුඩ් රංගන ශිල්පී Vikas Sethi වයස අවුරුදු 48 දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 48ක්.

හදිසියේම ඇති වූ හෘදයාබාධයක් නිසා ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ශෝකයට පත් පවුල තවමත් විකාස්ගේ වියෝව පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි වාර්තා වෙන්නේ.

ඔහුට ඔහුගේ බිරිඳ ජාන්වි සේතිවන අතර ඔවුන්ට නිවුන් පුතුන් සිටින බව සඳහන්.

ඉන්ස්ටග්‍රෑම් හි විකාස්ගේ අවසාන සටහන මේ වසරේ මැයි මාසයේදී රසිකයින් හමුවේ තබා ඇති අතර නළුවා පසුගිය මාස කිහිපය තුළ සමාජ මාධ්‍යවල අක්‍රියව සිටි චරිතයක්.

‘මව්වරුන්ගේ දිනය’ නිමිත්තෙන් ඔහු සිය මව වෙනුවෙන් පෝස්ට් එකක් ශෙයා කර තිබුණ අතර ඔහු තම බිරිඳ සහ දරුවා සමඟ සන්සුන් ජීවිතයක් ගත කරනු ලැබුවා.

ඔහු බොහෝ විට තම බිරිඳ සහ දරුවා සමඟ වීඩියෝ පළ කර සිටියා.

Kyunki Saas Bhi Kabhi Bahu Thi”, Kahiin To Hoga” වැනි රූපවාහිනී වැඩසටහන් සඳහා ප්‍රසිද්ධියට පත්ව සිටියා.

රූපවාහිනියේ හුරුපුරුදු මුහුණක් වීමට අමතරව, සේති “කභි ඛුෂි කබී ගම් (Kabhi Khushi Kabhie Gham) චිත්‍රපටයේ (කරීනා කපූර් ඛාන්) ගේ මිතුරෙකු වන රොබී ලෙස රංගනයෙන්ද දායක වුණා.

source :- t.ly/Fxcms

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here