
ජපාන අග්රාමාත්ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවට ගොස් තිබෙනවා.
ඔහු, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙඕල් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජපාන අග්රාමාත්ය ෆුමියෝ කිෂිඩා මෙම මාසයේදී ඉල්ලා අස්වන බවට නිවේදනය කර ඇති අතර, ඔහුගේ අනුප්රාප්තිකයා තෝරා ගැනීම සඳහා ජපානයේ පාලක ලිබරල් ඩිමොක්රටික් පක්ෂය, ලබන 27 වනදා ඡන්දයක් පැවැත්වීමට නියමිතයි.

source :- https://shorturl.at/708AX








