නොර්වුඩ් ප්‍රදේශයෙන් අතුරුදහන් වූ 15 හැවිරිදි පාසල් සිසුන් සිව්දෙනා රාගම ප්‍රදේශයේ සිටිය දී පොලිස් භාරයට ගෙන එම සිසුන් සිව්දෙනා රාගම පොලිසිය විසින් දෙමව්පියන් වෙත භාර දීමට කටයුතු කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වතුයායේ පදිංචිව සිටි මෙම සිසුන් සිව්දෙනා එම වතුයායේම වතු පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන බවත්, ඉකුත් 04 වැනිදා සිට එම සිසුන් සිව්දෙනා අතුරුදහන් වී ඇති බවට අතුරුදහන් වූ පාසල් සිසුවෙකුගේ පියෙකු විසින් නොර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

එකම වතුයායේ පදිංචි අතුරුදහන්ව සිටි පාසල් සිසුන් සිව්දෙනා එකම පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් සිව්දෙනෙකු බවත්, එම සිසුන් රැකියාවක් සොයා ගැනිමේ අරමුණින් රාගම ප්‍රදේශයේ ඥාතියෙකු හමුවිමට දුම්රියෙන් ගොස් ඇති බවත් සිසුන් හමුවේ කළ ප්‍රශ්න කිරීම ඔස්සේ අනාවරණය වී තිබෙනවා.

එහිදී එම සිසුන් සිව්දෙනා රාගම ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත රාගම පොලිසිය වෙත කල දැනුම්දිමක් මත අතුරුදහන්ව සිටි සිසුන් සිව්දෙනා රාගම පොලිසිය භාරයට ගෙන දෙමව්පියන් කැඳවා භාරදී තිබෙනවා.

source :- https://rebrand.ly/rqyzfjx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here