ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 65 දක්වා සහ මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 55 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් පසුවන ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට විටින් විට පැයට කිලෝමීටර 45 දක්වා තද සුළං ඇතිවිය හැකියි.

මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රිකවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

source :- https://rebrand.ly/lrrkm4q

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here