එළැඹෙන ඇෆ්ගනිස්තාන සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සඳහා නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් ව නම්කර තිබේ.

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉදිරි මාස දෙකේදී ආසියාවේදී ටෙස්ට් තරග 6කට සහභාගී වීමට නියමිතය.

ඉන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග ඉන්දියාවේ පැවැත්වෙන තරගය සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා රංගන හේරත් ගේ සේවය නවසීලන්ත කණ්ඩායමට හිමිවෙයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කට ක්‍රීඩාකර ඇති හේරත් එහිදී කඩුලු 433ක් දවාගෙන ඇත.

source :- https://shorturl.at/HN6q6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here