
2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ ශ්රී ලංකා පාපන්දු කණ්ඩායම සහභාගිවන පළමු තරගය කාම්බෝජය සමග අද (05) පැවැත්වීමට නියමිතයි.
අදියර දෙකකින් සමන්විත ශ්රී ලංකා – කාම්බෝජ තරග වටයේ දෙවැනි තරගය මෙම මස 10 වැනිදා කාම්බෝජයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
විදේශීය ලීග ක්රීඩා කරන ශ්රී ලංකා ක්රීඩකයින්ගෙන් ද සමන්විත ශ්රී ලංකා පාපන්දු කණ්ඩායම කාම්බෝජය සමග අද පස්වරු 3.30ට කොළඹ තුරඟ තරග ක්රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතයි.

source :- https://shorturl.at/6qqiX








