
ගිරිතලේ – ඇලහැර ප්රධාන මාර්ගයේ යාය 24 මංසන්ධියේදී බකමූණ ප්රදේශයේ සිට මෝටර් රථයක් යෝධ ඇලේ පිටවානකට පෙරලීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
පොලොන්නරුව දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක කොටසකට පැමිත තිබූ පස් කණ්ඩියක ගැටීමෙන් පසු මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ මෝටර් රථ රියදුරා තුවාල ලබා රෝහල් ගත කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් ප්රදේශවාසීන් පවසන්නේ මාර්ගයේ මේ ආකාරයට පවතින පස් කණ්ඩිය නිසාවෙන් මීට පෙරත් අනතුරු රැසක් සිදුව ඇති බවයි.
source :- https://shorturl.at/oIM6N







