
කෝටි 12කට අධික වටිනා රන් බිස්කට් හා මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපලින් පිටව ගිය තිදෙනෙක් බැංගලෝර් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ගුවන් තොටුපලේ රේගූ නිලධාරීන් විසින් ඊයේ (3) මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිස යාපනය හා කිළිනොච්චියේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සිය ගමන් මලුවල යට කොටසේ සඟවා තිබූ රන් බිස්කට්වල බර කිලෝ ග්‍රෑම් 3.23ක් වන බවයි බැංගලෝර් රේගුව පවසන්නේ.
මේ අතර මොවුන් තිදෙනා මත්ද්‍රව්‍ය රැගෙන ගොස් ඇත්තේ ගුද මාර්ගයේ සගවාගෙන බවයි හෙළිවී ඇත්තේ.
එම මත්ද්‍රව්‍ය රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙන බව පැවසෙනවා.
එරට රේගු නිලධාරීන් විසින් සැකකරුවන් බැංගලෝර් පොලීසිය වෙත බාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.
source :- https://shorturl.at/NBsFv







