දින කිහිපයක් තිස්සේ නිරුවතින් නිවෙස්වලට ඇතුළු වන සොරෙකු නිසා ගම්වාසීන් භීතියට පත් වී සිටින බව වාර්තා වනවා.

කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ වැල්ලදුර සහ ඇල්ලගේවත්ත ගම්මානවල ජනතාව මේ හේතුවෙන් භීතියටත් අපහසුතාවටත් පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

නිරුවතින් පැමිණ නිවාස කිහිපයක් බිඳ භාණ්ඩ සොරාගත් සැකකරු පලා ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අතර අළුයම නිවෙසක මුළුතැන් ගෙට ඇතුළු වු පුද්ගලයා එහි සිටි තරුණ කාන්තාවක් බියවද්දා ඇතැයි වාර්තා වනවා.

එහිදී ඇයගේ දරුවෙකු විසින් සොරාට පහර දෙන විට නිරුවතින් සිටි තැනැත්තා පලාගිය බවට පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ නිරුවතින් පැමිණ තිබෙන පුද්ගලයෙක් නිවෙසක ආරක්ෂක කැමරාවේ පටිගත වී තිබෙන බවද පැවසෙනවා.

මෙම සිදුවීම සතියක පමණ සිට සිදුවන බවට කහවත්ත පොලිසියට පැමිණිලි ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බවයි කහවත්ත පොලිසිය පවසන්නේ.

source :- https://shorturl.at/cjbWf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here