කොළඹ වරායේ යූ.සී.ටී අංගනය වෙත භාණ්ඩ නිශ්කාශණය සඳහා පැමිණි කන්ටේනර් රථයක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

එම කන්ටේනර් රථයේ රිය සහයකයා එලෙස මිය ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ රේගු වර්ජනයෙන් පසු භාණ්ඩ නිශ්කාශණ කටයුතු ප්‍රමාදව සිදු වන හෙයින් තවදුරටත් කන්ටේනර් රථ තදබදයක්ද නිර්මාණය වී තිබෙනවා.

පුද්ගල මළ සිරුර හමුවූ කන්ටේනර් රථය භාණ්ඩ නිශ්කාශණය සඳහා පසුගිය සිකුරාදා පැමිණ තිබූ අතර වරාය ආරක්ෂක නිලධාරියෙකු කළ සෝදිසි කිරීමේදී මෙම රිය සහයකයාගේ මළ සිරුර සොයා ගත් බව සදහන්.

ඔහු අංගොඩ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

source :- https://shorturl.at/nbSiG

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here