මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූණු අස්වැන්න නෙළීම් කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා.

නමුත් මේ මොහතේ ලොකු ලූණු ආනයනය කිරිම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි ලොකු ලූණූ ගොවින් පවසන්නේ.

ලොකු ලූණූ ගොවිහු කියා සිටින්නේ, ආනයනික ලොකු ලූණු කිලෝ එකක මිල රුපියල් 120ත් 150ත් අතර මිලක් අතර පවතින අතර, මේ නිසා දේශිය ලොකු ලූණු මිල අඩුවිමේ අවදානමක් ඇති බවත් මේ පිළිබදව අදාළ බලධාරින් අවධානය යොමු විය යුතු බවයි.

මේ නිසා ආනයනය සිදු කරන ලොකු ලූණු සදහා විශේෂ බද්දක් පනවන ලෙස ද අදාළ බලධාරින්ගෙන් ලොකු ලූණු ගොවිහු ඉල්ලා සිටියි.

කෙසේ වෙතත් විශාල ප්‍රමාණයෙන් ලොකු ලූණු වගාවන් සිදු කර නොමැති බවත්, කෘෂී රාසයනික ඉහළ මිලත් කම්කරු වැටුප් ඇතුළු විශාල පිරිවැයක් දැරීමට සිදුවීම මේ වන විටත් ඉහළ ගොස් ඇති බවත්, මේ තත්වය හේතුවෙන්ද විශාල ගොවින් ප්‍රමාණයක් ලොකු ලූණු වගාවෙන් ඈත් විමේ අවධානමක් ඇති බවද ගොවින් වැඩිදුරටත් කියා සිටිනවා.

source :- https://shorturl.at/lpQHf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here