නාන්නේරිය පයිරික්කුලම ප්‍රදේශයේ දී සිදුකළ ඝාතනයකට සම්බන්ධ සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ .

නාන්නේරිය පොලීසිය සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය .

පසුගිය 30 වනදා මෙම සැකකරු පයිරික්කුලම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි තිබූ දේපොළ සොරකම් කරමින් සිටි අවස්ථාවේදී එම නිවසේ හිමිකාරිය නිවසට පැමිණ තිබුණි. එහිදී එම කාන්තාව සැකකරුව හඳුනාගෙන ඇති බැවින් ඇයට පහරදී ඇයව ඝාතනය කර ඇති බව අනාවරණය වී ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 62 හැවිරිදි එම නිවසේ පදිංචිව සිටි කාන්තාවකි.

නාන්නේරිය පොලීසිය සිදුකළ විමර්ශනයකට අනුව ඊයේ (01) අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මෙම සැකකරු 38 හැවිරිදි පයිරික්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නාන්නේරිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

source :- https://shorturl.at/VLmFR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here