
එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන සමීක්ෂණ වාර්තා පිළිබඳ විශ්වාස නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ජනාධිපතිවරණය පිළිබඳ නිවැරැදි සමීක්ෂණය සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන බව ඒ මහතා සඳහන් කළේය.
පසුගිය සිකුරාදා(23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියේ විවිධ පාර්ශ්ව විවිධ කරුණු කාරණා මත සිදුකරණ සමීක්ෂණ සම්බන්ධයෙන් නොමග නොයන ලෙසයි.
එම සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමට අවශ්‍ය නොමැති බවත්, පුරවැසියෙකු ලෙස තමන් කැමති පක්ෂයකට, කැමති පුද්ගලයෙකුට ඡන්දය භාවිත කළ හැකි බවත් ඒ මහතා අවධාරණය කර සිටියා.







