
දියවැඩියාවෙන් පෙළෙන අයගේ දැන ගැනීම පිණිස අද ගෙනඑන්නේ ඉතා වටිනා ඔසුවක තොරතුරුයි. එය දියවැඩියාව හොඳින් පාලනය කරන, ගමේ ගොඩේදී ඔබට පහසුවෙන්ම සොයාගත හැකි ඔසු ගුණයෙන් පරිපූර්ණ පලතුරක් වශයෙන් පුරාණ වෙද පොත්වල ලියැවී තිබෙන්නක්. මොකක්ද මේ ඔසුව?
කටුලොවි හෙවත් උගුරැස්ස ඔබ හොඳින් දන්නා පලතුරක්. සංස්කෘත භාෂාවෙන් මෙය “ස්වාද කණ්ඨක” යැයි හඳුන්වනවා. එය දේශීය වශයෙන් හටගන්නා ඉතාම රසවත් පලතුරක්. නමුත් හෙළ වෛද්‍ය ශාස්ත්‍රයට අනුව නම් උගුරැස්ස කියන්නෙ රෝග රැසකට ගුණ දෙන හොඳ ඔෟෂධයක්. චරකසංහිතාව, සුශ්‍රැත්‍ර සංහිතාව වැනි ආයුර්වේද ග්‍රන්ථවල මේ ගැන හොඳ තොරතුරු රැසක්ම තියෙනවා.
Flacourtia ramontchi lherit යන උද්භිද නාමයෙන් හඳුන්වන උගුරැස්ස ජ්තචජධභපබඪච ඛ්ඥචඥ කුලයට අයත් වෙනවා. ඔෟෂධීය ගුණය නිසාම මෙහි ගෙඩි, පොතු, පත්‍ර, මුල් යන කොටස් විවිධ වූ රෝගයන් සුව කිරීමට යොදා ගන්නවා.

ඔෟෂධීය පානයක් උගුරැස්සවලින් හඳුනා ගැනීම තතුදත් අයගේ හොඳ උත්සාහයක් බව ඔබ දන්නේ නැතුවත් ඇති. ශරීරයේ පෘෂ්ටිමත් බව ඇතිකර ගන්නත්, ශරීර වර්ණය හොඳින් ඇතිකර ගන්නත් ආහාර රුචිය ඇතිකර ගන්නත් මෙයින් හදාගන්නා රසවත් පානය ඉතා ගුණදායකයි.
සාදා ගන්නා ආකාරය මෙහෙමයි. හොඳින් ඉදුණු උගුරැස්ස ගෙඩි කිහිපයක් අරගෙන සෝදා, පිරිසුදු කරගෙන වතුර ස්වල්පයක් එක්කරගෙන බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසු උකු ද්‍රාවණයක් ලෙස සාදාගත් උගුරැස්ස, වීදුරුවකට දමා එයට දෙහි බිඳු ස්වල්පයක්, ලුණු ස්වල්පයක් හා සීනි ඇති පදමට මිශ්‍ර කරගෙන අවශ්‍ය නම් ශීතකරණයේ තබාගෙන බොන්නත් පුළුවන්. මෙය ඇත්තෙන්ම ඉතාම රසවත් පානයක් වගේම ගුණවත් ඔෟෂධීය පානයක්ද වෙනවා.
මෙය හදවත් රෝගී අයටත් දිව ඔසුවක් හා සමානයි. උගුරැස්ස තුළ විශේෂ රසායනික ගුණ රැසක්ම තිබෙන නිසා ශරීරයේ රුධිර සම්පාදනයටත් හොඳ ඔසුවක්. සතියකට දෙවරක් පමණ උගුරැස්ස යුෂ වීදුරුව බැගින් පානය කරනවා නම් හෘද රෝගීන්ට වටිනා දෙයක් බවත් කිව යුතුය.
දියවැඩියා රෝගීන්ටත් ඉතා ගුණදායකයි. උගුරැස්ස ගෙඩි කෂාය මීට හොඳම ඔෟෂධීය ප්‍රතිකාරයක්. දියවැඩියා රෝගීන් උගුරැස්ස ගෙඩි කෂාය සතියකට දෙවරක් පානය කළොත් ඉතාම ගුණදායකයි.
උගුරැස්ස ගෙඩි කිහිපයක් අරගෙන මුට්ටියකට දමා එයට වතුර පත 8ක් මිශ්‍රකර පත එකක් වන සේ සිඳ එයින් පත භාගයක් උදේටත්, සවසට පත භාගයකුත් පානය කළ යුතුයි. දිනපතා සතියක් පමණ කරන්න පුළුවන් නම් දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකයි. ඉතා හොඳින් සුවදායක තත්ත්වයක් ලබන්න පුළුවන්.
මීට අමතරව දරු ප්‍රසූතියෙන් පසු මවකගේ ඇඟ රිදෙනවාටත් උගුරැස්ස වටිනා ඔසුවක් බව ඔබ දන්නෙ නැතුවත් ඇති. දරු ප්‍රසූතියෙන් පසු මවකගේ ශරීරයට දැනෙන වේදනාව තුරන් කරගන්න ඉදුණු උගුරැස්ස ගෙඩිවල ඇට අරගෙන අමුකහ සමඟ එකට අඹරාගෙන ඒ මිශ්‍රණය ශරීරයේ ආලේප කළ යුතුයි. දින කිහිපයක් එය සිදු කිරීමෙන් වේදනා යටපත් වෙනවා.
මෙය සෙංගමාල රෝගයටත් ගුණදායක ඔසුවක්. සෙංගමාල රෝගය හැදුණු අයට හැකිතරම් පලතුරු කන්න කියලා කියනවා ඔබ අහලත් ඇති. දේශීය වෙදකම අනුව සෙංගමාල රෝගීන්ට සුවය දෙන අනුමත පලතුරක් තමයි උගුරැස්ස. දිනකට ඉදුණු ලොවි ගෙඩි 5ක් පමණ වරින් වර කනවා නම් එය සෙංගමාල රෝගීන්ට ඉතාමත් ගුණදායක දෙයක්. (source – mawbima)







