ගුරු විද්‍යාල අවසාන විභාගය – 2021/2022 (2024) උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා වන පුහුණු පාඨමාලා විභාගය – 2023(2024) අගෝස්තු මස 26 දින සිට 2024.09.01 දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම විභාගයට අදාල (ප්‍රායෝගික පරීක්ෂණ ද ඇතුළුව) පැවැත්වීමට නියමිත බවයි නිවේදනයෙන් දක්වා අත්තේ.

ගුරු විද්‍යාල අවසාන විභාගය සදහා අයදුම්කළ අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ගුරු විද්‍යාල විදුහල්පතිවරුන් වෙත යවා තිබෙනවා.

උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය සඳහා අයදුම් කල අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනය වෙත ද තැපැල් මගින් යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk වෙත පිවිස ප්‍රවේශ පත්‍ර බාගත කර හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here