පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ.

එහිදී අලි සාහීර් මව්ලානා මහතාට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරයත් වඩිවෙල් සුරේෂ් මහතාට කම්කරු රාජ්‍ය අමාත්‍ය ධූරයත් පිරිනමා ඇත.

ඔවුන් දෙදෙනා අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

වඩිවෙල් සුරේෂ් මහතා බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර ඔහු 2020 මහ මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කය සමගි ජන බලවේග මනාප ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත්වීමට සමත් විය.

ඔහු හිමිකරගත් මනාප ඡන්ද ගණන 49,762කි.

මේ අතර මව්ලානා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරයි.

ඔහු පාර්ලිමේන්තුවට පත්වූයේ නසීර් අහමඩ් ට මන්ත්‍රී ධුරය අහිමිවීම හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here