පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගයක දී එක් පන්දු වාරයක දී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට සැමෝවා කණ්ඩාමේ පිතිකරුවෙක් සමත් වී තිබෙනවා.

ඩේරියර් විසර් නම් ඔහු එක් පන්දු වාරයක් තුළ ලකුණු 39ක් රැස් කරමින් එම වාර්තාව අලුත් කර තිබේ.

ඒ වනුවාටු රාජ්‍යය සමඟ පැවති තරගයකදීයි.

එහි දී අදාළ පන්දු යවන්නා එම පන්දුවාරයේ දී නිලකුණු පන්දු 3ක් ද යොමු කර තිබීම විශේෂත්වයකි.

මෙම තරගය ICC පිරිමි T20 ලෝක කුසලාන උප කලාපීය නැගෙනහිර ආසියානු පැසිෆික් සුදුසුකම් ලැබීමේ ‘A’ කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූවක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here