ඊයේ(19) උදෑසන කුරුණෑගල, ඇතුගලෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

මේ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

පොලිසිය සඳහන් කළේ බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බවයි.

තුවාලකරුගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here