ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් සංගීත ප්‍රසංගය නොපැවැත්විය හැකි තත්ත්වයක් උදාවී ඇති බව ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා පවසනවා.

මෙම ගැටලුව පැන නැගී ඇත්තේ ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට මැතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම හේතුවෙන්.

මෙම තීරණය නිසා දිවයිනේ විවිධ ප්‍රදේශවල මීට පෙර සංවිධාන කළ සැණකෙළි සහ ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක් අත්හිටුවීමට සිදු වූ බව ඔහු කියා සිටියේය.

එමෙන්ම මෙම තීරණයත් සමඟ රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව සඳහන්.

අතාවුද මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම පවුල්වල සාමාජිකයන් මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here