ඓතිහාසික රංගිරි – දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී  විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුල්ල මැද පන්සලයෙහි අධිපති සිරි වළගම්බා මහා පිරිවෙන් අධ්‍යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති  අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී (19) අපවත් වී තිබේ.

උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුවට දැනුම්දෙන බව විහාරස්ථ දායක සභාව පවසති.

අපවත් වන විට උන්වහන්සේ 63 වන වියේ පසුවිය.

1961 වසරේ ජූලි මස 13 වැනි දින දඹුල්ල දිසා රෝහලේදී උපත ලද උන්වහන්සේ කුඩා අවදියේම ඓතිහාසික රංගිරි – දඹුල්ල රජමහා විහාර මැද පන්සලේ පැවිදි දිවියට එක්ව තිබේ.

ඓතිහාසික රංගිරි – දඹුලු රජමහා විහාර මැද පන්සල ,අතුපාරයාය ශ්‍රී බෝධිරුක්ඛාරාමය, ඇතාබැඳි වැව ශ්‍රී බෝධිරුකාරාමය, කිරලගොල්ල විජය ශ්‍රී සුබෝධාරාමය ,පහළ වැව කළුපාලම ශ්‍රී බෝධිරුක්කාරාමය, ඉබ්බන්කටුව ගංගාරාමය, කිරල ගොල්ල අශෝකාරාමය ආදී විහාර ගණයේ විහාරස්ථාන රැසක විහාරාධිපති හිමියන් ලෙසද උන්වහන්සේ ශාසනික මෙහෙවරක නිරත වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here