
පාසල් දරුවන් 35,000ක පමණ පිරිසකට පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම් කුළුණ ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ මෙතරම් විශාල සිසු පිරිසකට මෙවැනි අවස්ථාවක් හිමි වුයේ ඉතිහාසයේ පළමු වරට වන බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික තරුණසේවා සභාව ද සහයෝගය ලබා දී තිබුණා.

කොළඹින් දුර බැහැර දුෂ්කර පළාත්වල පාසල්වල සිසුන් ඇතුළු දිවයින පුරා පාසල් 160කට අධික සංඛ්‍යාවක සිසුන් මේ වන විට මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා සහභාගි වී තිබේ.
මෙම වැඩසටහන ඉදිරියටද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි මේ වන විට පාසල් රැසක ශිෂ්‍ය පාර්ලිමේන්තු සහ යොවුන් පාර්ලිමේන්තු සැසි ගණනාවක් පවත්වා තිබෙනවා.
රාජ්‍ය පාලන යාන්ත්‍රණය පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබා දෙමින් ඔවුන්ගේ නායකත්ව ගුණාංග ඉහළ නැංවීම එහි අරමුණයි.







