
ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය භාවිත කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
එම කොමිසම සඳහන් කරේ ඊට අදාළ චක්‍රලේඛයක් ද මේ වන විට නිකුත් කර ඇති බවයි.
එමෙන්ම ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම තහනම් බව ද ජාතික මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.








