
පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම තත්ත්වය හේතුවෙන් අත්තනගල්ල, ගම්පහ, ජාඇල, වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, අත්තනගලු ඔය සහ උරුවල් ඔය දෙපස සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී සුගීෂ්වර මහතා සඳහන් කළේය.
“මේ දක්වා ඇතිවුණු වර්ෂාපතනය මත සැලකිය යුතු ගංවතුර මට්ටමක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා සහ ගංගා ද්‍රෝණිය අධික තෙත් තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා අද දිනය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් අත්තනගලු ඔය සහ උරුවල් ඔය ධාරා ප්‍රදේශයට ලැබුණොත් ඉතා පහසුවෙන් ගංගා ද්‍රෝණිය සැලකියයුතු ඉහළ ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවදානම පවතිනවා. ඒ නිසා මේ ප්‍රදේශවල මහජනතාව මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුකු කළ යුතුයි.”








