
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (17) අළුයම 01.00 ට රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව අනතුරු හඟවා සිටින්නේ බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැසි ඉතා තද වැසි ඇතිවිය හැකි බවට ය.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.








