
ශ්‍රී ලංකාව සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවති පුහුණු තරගයෙන් ජය ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම අද (17) සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය නිසාවෙන් පුහුණු තරගයේ ප්‍රථම ඉනිමේ දී ලබා ගැනීමට හැකියාව ලැබුණේ සියළු දෙනා දැවී ලකුණු 139ක් පමණයි.
එංගලන්ත ලයන්ස් කණ්ඩායම ලකුණු 324 ක් ලබා ගත් අතර, දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම 306ක් ලබා ගනු ලැබුවා..

දෙවැනි ඉනිමේදී ලකුණු 122ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුළු 3ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය ලබා ගත්තා.








