ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත්ව සිටියි.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (16) තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 122ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 47ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව තරගයේ ජය තමන් සතු කර ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 75ක් පමණි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 139ක් පමණි.

ඊට පිළිතුරු ලෙස ලයන්ස් කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 324ක් රැස්කළේය.

ඒ අනුව ලකුණු 185ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹීමට ශ්‍රී ලංකාව කණ්ඩායම දෙවැනි ඉනිමට සියල්ලන් දැවී ලකුණු 306ක් රැස්කිරීමට සමත් විය.

එහිදී නිශාන් මධුෂ්ක (77), නායක ධනංජය ද සිල්වා (66) හා ඇන්ජලෝ මැතිව්ස් (51) අර්ධ ශතක රැස්කරමින් ශ්‍රි ලංකා ඉනිමට ශක්තියක් එක් කළහ.

කෙසේ වෙතත් පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිකරන විලාශය හේතුවෙන් මේ වන විට තරගයේ වැඩි වාසි එංගලන්ත ලයින්ස් කණ්ඩායමට හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here