
‘එම්පොක්ස්’ හෙවත් ‘මංකිපොක්ස්’ රෝගීන් තිදෙනෙක් පාකිස්තානයෙන් හමුවී තිබේ.
එරට සෞඛ්‍ය අංශ ඒ බව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම රෝගීන් තිදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පාකිස්තානයට ඇතුළුවීමේදී හඳුනාගෙන ඇති බවද එම වාර්තා පවසයි.

අදාළ රෝගීන් තිදෙනා නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති අතර ඔවුන්ට වැළඳී ඇති ප්‍රභේදය තවමත් තහවුරු කරගෙන නොමැත.
මෙම වෛරසය වැළදීමෙන් අප්‍රිකානු මහද්වීපයේ පුද්ගලයින් 450 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.








