තණමල්විල ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ දැරියක සමූහ දූෂණය කිරීමේ සිද්ධියට සැක පිට තවත් සිසුන් සිව් දෙනෙකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පාසලක් අසල පිහිටි ක්‍රීඩා පිටියක පැවති සංගීත සංදර්ශනයක් අතරතුර මෙම සිසුන් විසින් මෙම දැරියට අතවර කර ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වි ඇත්තේ.

අත්අඩංගුවට පත් සිසුන් 15 හා 16 වයස්වල පසුවෙනවා.

අත්අඩංගුවට ගත් සිසුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here