රජය හැකි සෑම විටකම ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කර ඇති බවත් , රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනා තුළ කිසිදු දේශපාලන අරමුණත් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ කලක පටන් පැවති ඉල්ලීම් සලකා බලා හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂඥ කමිටුව මගින් ලබාදුන් නිර්දේශ හා තීරණ අනුව ඉදිරිපත් මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි.

එහිදී පවතින ජීවන තත්ත්වය , ආර්ථික තත්ත්වය , ගෙවීමේ හැකියාව ආදී සෑම පැතිකඩක්ම පිලිබඳ අවධානය යොමුකර මෙම කමිටු වාර්තාව සකස් කර ඇති බව සඳහන්‍ කළා.

එමෙන්ම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටළු කිහිපයක් සම්බනක්ධයෙන් පැවති සාකච්ඡා වලින් අනතුරුව පත්කළ කමිටු මගින් ලබාදුන් විසඳුම් යෝජනා මීලඳ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here