මැතිවරණ කොමිෂන් විසින් අද(14) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී ඉදිරි මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේදී අනන්‍යතාව තහවුරු කිරීමට භාවිතා කළ හැකි හැදුනුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙලෙස අදහස් දැක්වීය.

ප්‍රශ්නය – ඡන්ද දායකයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අනිවාර්යයෙන් ම රැගෙන ආ යුත්තේ මොනවාද ?

මැතිවරණ කොමසාරිස් ජනරාල්
“වලංගු ජාතික හැඳුනුම්පතක්, වලංගු රියදුරු බලපත්‍රයක් හෝ වලංගු ගුවන් ගමන් බලපත්‍රයක්, සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති වැඩිහිටි හැඳුනුම්පත, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති විශ්‍රාමික හැඳුනුම්පත. ඒ එක්කම පූජ්‍ය පූජක උතුමන් වෙත පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පත, ඒ වගේම මේ කිසිම දෙයක් නැති අයට පුළුවන් තමන්ගේ ග්‍රාම නිලධාරීවරයා සමග මැතිවරණ කාර්යාලයට ගිහිල්ලා තාවකාලික හැඳුනුම්පතක් ලබාගන්න. එත් එක්කම මෙවර විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණා ආබාධිති ප්‍රජාව සඳහා අපි නිකුත්කළා තවකාලික හැඳුනුම්පතක් ඔවුන්ට ඒ තාවකාලික හැඳුනුම්පත පාචිච්චි කිරීමේ හැකියාව තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here