සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පැවති දෙවැනි T20 තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඊයේ (13) පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ ලකුණු 173ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 166 ක් පමණි.

ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරගාවලිය 1 – 1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here