2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු සඳහා ඇප තැන්පත් කර තිබේ.

ඇප තැන්පත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අද දහවල් 12ට අවසන් විය.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන්  22ක්, වෙනත් දේශපාලන පක්ෂක් නියෝජනය කරමින් අපේක්ෂකයෙක් සහ ඡන්දහිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් 17 දෙනෙකු නියමිත කාලය තුළදී ඇප මුදල් තැන්පත් කර තිබේ.

2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම හෙට (15) පෙරවරු 9 සිට 11 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here