ලතින් ඇමෙරිකාවට අයත්, පරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, 20 හැවිරිදි පිහිනුම් ශූරිය ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ලුආනාගේ නොහොබිනා හැසිරීම නිසා ඔලිම්පික් ක්‍රීඩා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, ඇයට පිහිනුම් ඉසව් අහිමි වී ඇතැයි ද පැවසේ.

පෙරුගුවේ ඔලිම්පික් කමිටු සභාපති ලරිස්සා ෂේරර් පවසා ඇත්තේ ලුආනා ඇලාන්සෝ අනවසරයෙන්, කිසිවකුටවත් නොදන්වා, සිය අභිමතය පරිදි, ඔලිම්පික් ගම්මානයෙන් පිටවී රැයක් ගත කළ බවත් එම සිදුවීම සැලකිල්ලට ගනිමින් ඇය ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා දැමීමට ඔලිම්පික් බලධාරීන් කටයුතු කළ බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here