උපාධිධාරීන් 35000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අදහස් දැක්වීමක් සිදුකළා.

ඒ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

පුරප්පාඩු කඩිනමින් පිරවිය යුතු ක්ෂේත්‍ර සඳහා පුරප්පාඩු පුරවන බවයි ඔහු සඳහන් කළේ.

එය 30000ද 35000ද යන්න කිව නොහැකි බවත් වෙනදා මෙන් උපාධිධාරීන් පිරිසක් එළියේ සිටින නිසා එයින් කොටසක් බඳවා ගැනීම මෙහිදී සිදුනොවන අතර පවතින පුරප්පාඩු මත ප්‍රමුඛතාවය ලබා දෙමින් මෙම බඳවා ගැනීම් සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන්කර සිටියේ.

එමෙන්ම රාජ්‍ය සේවය තුළ ඌණ උපයෝජිත උපාධිධාරී පිරිසක් සිටින අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට තවත් කමිටුවක් පත්වන බවත් ඒ අනුව ප්‍රමාණය තීරණය කරමින් අත්‍යාවශ්‍ය බඳවා ගැනීම් ඉක්මනින් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

source :- https://tinyurl.com/4ayptc3a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here