
දෙහිවල සිට වැල්ලවත්ත දෙසට මුහුදුබඩ මාර්ගයේ තරගයට යතුරුපැදි ධාවනයේ නිරත වූ අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි 10 ක් සමග පුද්ගලයින් දස දෙනෙකු ඊයේ (02) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසනවා.
එහිදී සෑම දිනකම අලුයම 2.30 ත් 4.30 ත් අතර වාහන හිමියන්ට හා ප්‍රදේශවාසීන්ට බාධා වන පරිදි අධික ශබ්දයෙන් හා විවිධ නළා ශබ්ද පිට කරමින් අපරික්ෂාරී ලෙස යතුරු පැදි ධාවනයේ නිරත වන බවට පොලීසියට ලද පැමිණිල්ලකට අනුව නිලධාරි කණ්ඩායම් කිහිපයක් ස්ථාන කිහිපයකින් වටලා මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොරටුව, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචි 18ත් 25ත් අතර වයසේ පසුවන්නන්.

source :- https://tinyurl.com/bdd8z9ew







