කොළඹ වරාය පරිශ්‍රයේ ඩොක්යාඩ් ආයතනයේ සේවය කළ පුද්ගලයෙකු ඊයේ (31) නැව් අළුත්වැඩියා කිරීම සඳහා සකස් කර ඇති තටාකයකට වැටී ඇති අතර කිමිඳුම්කරුවන් විසින් ඔහු ගොඩට ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට වෙරළබඩ පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 37ක් වූ පරගහවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු ඩොක්යාඩ් ආයතනයේ උප කොන්ත්‍රාත් සමාගමක සේවකයකු වන අතර, උදෑසන ආහාරයෙන් පසු අත සේදීමට නැව් අළුත්වැඩියාව සඳහා සකස් කර ඇති තටාකය ආසන්නයේ ජල කරාමයක් වෙත ගොස් නැවත පැමිණීමේදී තටාකයට ඇද වැටී ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධව වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

source :- https://tinyurl.com/3zf5ffry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here