
විදුලි බල මණ්ඩලය හෝ එහි ආයතන විකිණීමට කිසිලෙසකින්වත් කටයුතු නොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු නිළධාරීන් සහ සේවකයින් හමු වී මේ බව ප්‍රකාශ කර තිබුණා.
ප්‍රතිව්‍යුහගතකරණය හරහා සිදු කරන්නේ විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදා හැරීම, වැඩිදියුණු කිරීම පමණක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

source :- https://tinyurl.com/3xm2y5hm







