ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, රුපියල් 230ට පැවති ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 220ට ද, රුපියල් 175ට පැවති පාන්පිටි කිලෝවක මිල රුපියල් 165ට ද, රුපියල් 240ට පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235ට පහත දමා තිබුණා.

එමෙන්ම රුපියල් 288ට පැවති රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 285ට ද, රුපියල් 210ට පැවති ආනයනික රතු කැකුළු කිලෝවක මිල රුපියල් 209ක් ලෙසයි මෙසේ අඩු කර ඇත්තේ.

මෙම සහනය අද සිට දිවයින පුරා සතොස අලෙවිසැල් වලින් ලබා ගත හැකි බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

source :- https://tinyurl.com/37cxrv78

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here