
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදී ඊයේ (21) ආරම්භ වුණි.
එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත්වූ අතර ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට ය.
ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 236ක් පමණි.

පළමු ඉනිමේ පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ අසාර්ථක වූ අතර දිමුත් , නිෂාන් මදුෂ්ක , මැතිව්ස් , කුසල් මෙන්ඩිස් හා චන්දිමාල් ලකුණු 72ක් තුළ දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්විය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා පන්දු 84ක් තුළ ලකුණු 74ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබීය.
සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට එක්වූ මිලාන් රත්නායක ධනංජයට අනගි සහායක් ලබාදෙමින් පන්දු 135ක් තුළ ලකුණු 72ක් ලාබා ගත්තේය.
ඔහු රැස් කළ ලකුණු 72 ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූයේ මංගල ටෙස්ට් තරගයේදී අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි අයෙක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.








