
වෙළෙඳපොළේ වී මිල අඩු වීමට ආරම්භ වූ අවස්ථවේදීම වී සඳහා සහතික මිලක් නියම කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

”ඔව් මම හිතනවා ගොවියට මේ වෙලාවේ තියෙන වාසිය වී රජයට ලබාදෙන එක නෙමෙයි. දැනට ඔය අර එදිනෙදා වෙළඳාම සඳහා වී මිලදී ගන්නා ඒක සහල් කරලා වෙළඳපොළට නිකුත් කරන අයට සහල් දෙන එක තමයි වී දෙන එක තමයි මේ වෙලාවේ ගොවියාට වාසි. හැබැයි මහා පරිමාණයෙන් ඔය මෝල් හිමියන් වී මිලදී ගන්න ගත්තාට පස්සේදි ඒකට මුහුණ දෙන්නම් රජයට බෆර් ස්ටොක් එකක් තියෙන්න ඕන. අපි රජය මැදිහත් වෙලා වී ගබඩා, අලුත්වැඩියා කරන්නෙත්, ඒ වගේම වී මිලදී ගැනීම සඳහා රජය යම් මුදලක් වෙන් කරකා තියෙන්නේ මේ සමස්ත වී ප්‍රමාණය රජය මිලදී ගන්න නෙමෙයි. ඒක කරන්න බැහැ සහ කලයුතු නැහැ.
අපේ රටේ වී වෙළදපොලත් එක්ක ඉන්න සුළු, කුඩා හා මධ් ය පරිමාණ ව්‍යාපාරිකයින් රාශියකුත් ඉන්නවා. මේකත් එක්ක ජීවත්වෙන විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ , ගොවියාට සහ පාරිභෝගිකයාට දෙපැත්තටම සහන සැලසෙන හැටියට රජය මැදිහත් වීමක් කරලා මිල යම් ප්‍රමාණයකට පාලනය කරගෙන තියාගන්න. එතනදී අපේ මැදිහත් වීම විසින් ගොවියාටත් අසාධාරණයක් නොවිය යුතුයි. පාරිභෝගිකයාටත් අසාධාරණයක් නොවිය යුතුයි. ඉතින් අපි සහතික මිල සහල්වල සහතික මිල වෙනස් කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒකට සරිලන ලෙසට වීවලට අවම සහතික මිලක් නිකුත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.”
source :- https://tinyurl.com/ts38wv26







